Saturday, May 11, 2024

General line - 0115112241

පත්වීම් බෙදීම වැරදියි - වෛද්‍යවරු කියයි - තවත් පත්වීම් 1,000ක් දෙන්න සෞඛ්‍ය අංශ සැරසෙයි




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය අද දිනයේද ක්‍රියාත්මක වනවා. දීපව්‍යාප්ත මෙම වර්ජනය හේතුවෙන් ඊයේ දිනයේද රෝගීන් පත්වූයේ දැඩි අසීරුතාවකටයි. කෙසේවෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනය අතහරින ලකුණක් මේ වන තෙක් පළවී නැහැ. 

විවිධ ප්‍රශ්න හමුවේ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින ජනතාව තවත් දුෂ්කරතාවකට පත්කරමින් මේ මොහොතේ මෙතරම් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට හේතුව කුමක්දැයි නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ප්‍රශ්න කළා. මේ එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොලඹගේ.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය නෙත් නිවුස් වෙත කියා සිටියේ කිසිදු නීතිවිරෝධී කටයුත්තක් මෙහිදී සිදුව නොමැති බවයි.

කෙසේවෙතත් මෙම තීරණ හේතුවෙන් සෞඛ්‍ය සේවයට බලපෑම් එල්ලවන බවයි වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ. 

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය.

මේ අතර වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද ඇතැම් රෝහල්වල ඊයේ දිනයේ ප්‍රතිකාර කටයුතු සිදුවූ බවද නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා.