Sunday, May 12, 2024

General line - 0115112241

අපේක්ෂාව භංග වෙලා තියෙන්නේ : රට ගැන ජනතා අදහස්




ගෑස්, එළවලු, කිරිපිටි, ජීවන වියදම ඇතුලු ප්‍රශ්න රැසකින් පීඩාවට පත්ව සිටින ජනතාවට ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් සිදුව ඇත්තේ කබලෙන් ලිපට වැටීමටයි. ඉන්ධන මිල ඉහළ යාම සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දරන්නේ කුමන මතයක්දැයි නෙත් නිවුස් සොයාබැලීමක් කළා.

කෙසේවෙතත් ත්‍රීරෝද රථ ධාවනයේ යෙදෙන රියදුරන් පවසන්නේ ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන විසදුමක් අවශ්‍ය බවයි.

කෙසේවෙතත් සමස්ථ ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පැවසුවේ අවම ගාස්තුව රුපියල් 80 ක් දක්වා ඉහළ නංවන බවයි. එමෙන්ම දෙවන කිලෝමීටරයේ සිට සෑම කිලෝමීටරයකටම රුපියල් 45 ක් අයකරන බවද ප්‍රකාශ කෙරුණා.