Saturday, May 11, 2024

General line - 0115112241

පාසැල් වෑන් රථ ගාස්තුත් ඉහල යන ලකුණු




ඉන්ධන මිල වැඩිකිරීමත් සමඟ පාසැල් වෑන් රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවන බව සමස්ථ ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. එහි සභාපති මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ඒ පිළිබඳ නිල තීරණය පාසැල් ආරම්භයට පෙර දැනුම්දෙන බවයි.

ඉහළ නංවන ගාස්තුව පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

වැඩි කළ ඉන්ධන මිලට සාපේක්ෂව රජය විසින් සහනයක් ලබා නොදුනහොත් බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ධාවනයෙන් ඉවත්වීමට හෝ සිදුවන බව බස් හිමියන් දැනටමත් ප්‍රකාශ කර අවසන්. සහනයක් ලබානොදෙන්නේ නම් අවම ගාස්තුව රුපියල් 25 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවටත් සියයට 25 කින් සෙසු බස් ගාස්තු වැඩිවීමක්ද සිදුකළ යුතු බවටත් ඔවුන් පවසනවා.