Saturday, May 11, 2024

General line - 0115112241

දක්ෂිණ අධිවේගී අනතුරකින් දෙදෙනෙක් මරුට 




දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව සහ පාලටුව අතර අද (22) දින අලුයම සිදුවූ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මත්තල දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රක් රථයක් අපරීක්ෂාකාරි ලෙස නවත්වා තිබී ඇති අතරල පිටුපසින් පැමිණි බවුසරයක් එහි ගැටී ඇති බව සඳහන්.

මෙම අනතුරෙන් ට්‍රක් රථයේ ගමන් ගත් 72 හැවිරිදි එහි සහායකයා සහ 61 හැවිරිදි ගෝනවල ප්‍රදේශයේ පදිංචි බවුසර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයිල පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළේ.

බවුසරයේ සහායකයා බරපතල තත්ත්වයෙන් මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.