Monday, May 13, 2024

General line - 0115112241

හොඳම දේශීය විකල්පය වෙත යා යුතු බව ලංකා බැංකුව පවසයි 




පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ ආනයන මතම පමණක් සීමා නොවී පවතින හොඳම දේශීය විකල්පය වෙත යා යුතු බව ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකරු - විමර්ශන රුවන් සමරක්කොඩි පවසනවා. 

ඔහු මේ බව පැවසුවේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන එක්වෙමින්. 

මෙවැනි අර්බුදකාරී අවස්ථාවලදී නව ව්‍යවසායකින් බිහිවීම අගය කල යුතු කරුණක් බවයි මෙම වැඩසටහනට එක්වෙමින් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය නලින් අබේසේකර සඳහන් කළේ.