Sunday, May 12, 2024

General line - 0115112241

ඇතැම් ප්‍රදේශවල විදුලිය බිදවැටීමේ අවදානමක්




නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක දෝෂයක් හටගෙන තිබෙනවා. 

එම යන්ත්‍රයෙන් දිගින් දිගටම තෙල් කාන්දුවක් සිදුවන බවයි ඉංජිනේරුවන් පවසන්නේ. 

මේ හේතුවෙන් එම ජනන යන්ත්‍රයෙන් විදුලිය නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. 

එබැවින් ප්‍රධාන විදුලි ජාලයේ සමතුලිතතාව පවත්වාගෙන යාම සඳහා බොහෝවිට පස්වරු 06 ත් රාත්‍රී 09 යි 30 ත් අතර කාලය තුළ පැයකට ආසන්න කාලයක් විදුලිය බිඳ වැටීමක් සිදුවිය හැකි බවයි විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 

මේවනවිටත් එම විදුලි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල මණ්ඩලයේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා. හෙට උදෑසන වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.