Friday, April 19, 2024

General line - 0115112241

ආර්ථික අපහසුතා නිසා පාසල් ගමන මඟහැරෙන දරුවන්ට සවියක් වන්න දැන් ඔබටත් අවස්ථාවක්




ළමයින්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් තුළ විශේෂයෙන් අවධාරණය කර ඇති කරුණකි. එමෙන්ම, දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථාවන් හිමිවන සමාජයක් බිහිකිරීම වැඩිහිටියන්ගේ ද වගකීමකි.

පොත්පත්, ආහාරපාන, ඇඳුම් පැළඳුම් වැනි මූලික අවශ්‍යතා නොමැති වීම මෙන්ම මාපියන් අහිමිව යාම වැනි සමාජයීය ගැටළු හේතුවෙන් වාර්ෂිකව පාසල් අධ්‍යාපනය අතරමඟ හැර යන ලාංකික දරු දැරියන් සංඛ්‍යාව 22000 කට අධික බවසංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙයි

‘ඇට්ලස් සිප්සවි’ වැඩසටහන දියත්වන්නේ කුඩා වියේදීම මෙවැනි දුෂ්කරතා වලට මුහුණදීමට සිදුව තිබෙන දරු දැරියන්ගේ නැණස පාදමින් සියලුම දරුවන්ට අධ්‍යාපනයේ සම අවස්ථාවන් හිමිවන සමාජයක් බිහිකිරීමේ උදාරතර අභිලාෂයෙන් යුතුවය.

මේ වනවිට ලොවපුරා උද්ගතවී තිබෙන කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ලංකාව වැනි රටක් තුළදී අධ්‍යාපනයේ සම අවස්ථා හිමිකරදීම අතිදුෂ්කර කටයුත්තක් බවට පත්ව තිබෙයි. කොවිඩ් වසංගතයත් සමග පාසල් හැරයන පිරිස් මීට වඩා වැඩිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවා සිටියි.

අධ්‍යාපනයේ සම අවස්ථාව සියළු දරු දැරියන්ට හිමිකරදීමට රාජ්‍ය අංශය සක්‍රීය දායකත්වයක් ලබාදිය යුතු වුවත් විෂමතා ඉවත් කර දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් ප්‍රමාණවත් පරිදි සපයාදීමේ අභියෝගයට රජය ද මුහුණදී සිටියි.

මෙවැනි පසුබිමක දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීමට පෞද්ගලික අංශයේ සහයෝගය ලබාගැනීම අත්‍යවශ්‍යය.

අධ්‍යාපනය නතර නොකර ලොවම දිනන දරුවන්ට සහයක් වෙමින් ‘ඇට්ලස් සිප්සවි’ව්‍යාපෘතිය දියත් කෙරෙන්නේ මේ අඩුව සපුරාලීමටය.

මෙරට වෙසෙන සුවහසක් දරුවන් සිය අධ්‍යාපන ගමන්මඟේදී මුහුණදෙන අතිසංවේදී ගැටළු ගැන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් සඳරේඛා ලියනගේ මහත්මිය පෙන්වාදෙන්නේ මෙලෙසිනි.

දරුවන්ට අවශ්‍ය පොත්පත්, උපකාරක පංති වලට සිදුකරන ගෙවීම්, කොවිඩ් තත්වයත් සමග නිවසේ සිට අධ්‍යාපනය ලැබීමට අන්තර්ජාල පහසුකම් ලබාගැනීම ආදියේදී ඔවුන්ට දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව තිබේ. පරිවාස දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකළ සොයාබැලීම් වලදී අනාවරණය වී තිබෙන්නේ මෙවැනි දුෂ්කරතා නිසා පාසල් අධ්‍යාපනය අතරමඟ නවතාදමන මට්ටමට ළමුන් පත්ව ඇති බවයි.

මෙවැනි ගැටළු වලට උපකාර කිරීමට රජයෙන් වෙන්කර තිබෙන ප්‍රතිපාදන ද සීමිත බව ඇය පෙන්වා දෙයි.
‘මේ වගේ වේලාවකදී අපිට ශක්තියක් වෙච්ච ආයතනයක් තමයි ඇට්ලස් ආයතනය.

ඉතාමත්ම කැමැත්තෙන් දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව 200 ක් ලබාදෙන්න ඇට්ලස් ආයතනය අපිත් එක්ක අවබෝධතා ගිවිසුමකට එකඟ වුණා. මෙම ශිෂ්‍යත්වය ලබන දරුවා අඛණ්ඩව වසර 5 ක් මේ ශිෂ්‍යත්වයටහිමිකම් ලබනවා.‘ යනුවෙන්ඇය මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූවාය.

අනෙක් පසින් තමන්ට මුහුණදීමට සිදුවන ජීවන අභියෝග වලදී ඊට ශක්තිමත්ව මුහුණදීමට වැඩිහිටියන්ට හැකියාවක් පැවතියද කුඩා දරුවන් වැඩිහිටියන් තරම් අත්දැකීම් වලින් මුහුකුරා ගොස් නැති නිසා සිය අභියෝග හමුවේ නොසැලී සිටින්නට ශක්තියක් නැත.

දිනපතා කෑමබීම සපයාගැනීමට නොහැකිවීම, තමන්ට රැකවරණ ලබාදුන් මව පියා අහිමිවී යාම, ආර්ථික අභියෝග හමුවේ පවුලේ වැඩිමහල් දරුවන් අධ්‍යාපනයෙන් ගිලිහී ගොස් සෙසු සහෝදර සහෝදරියන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම ආදිය පාසල් අධ්‍යාපනය අතරමඟ නවතා දැමීමට හේතුවන කරුණු වී තිබෙයි. විශේෂයෙන්ම, තවමත් මෙරට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාපියන් මුහුණදෙන ආර්ථික ගැටළු නිසාම ඔන්ලයින් අධ්‍යාපනය පවා අහිමිවී ගිය දරුවන් බොහෝය.

මෙවැනි දරුවන්ගේ අධ්‍යාපන ගමන්මඟට සවියක් වෙන ‘ඇට්ලස් සිප්සවි’ වැඩසටහන ගැන අදහස් දක්වන ඇට්ලස් ඇක්සීලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා පෙන්වා දෙන්නේ ‘ඇට්ලස් සිප්සවි’ වසර 62 ක් පුරා දරුවන්ගේ නැණස පාදන ඇට්ලස් වෙතින් දියත් කරන තවත් එක් ව්‍යාපෘතියක් නොවන බවත් මිලියන 24 ක් වැයකරමින් දියත් වන මෙය ආදරය හා ආශිර්වාදය කැටිකරගනිමින් දරුවන්ට පිදෙන මාහැඟි තිළිණයක් බවත්ය.

2016 දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සංගණනයේදී ළමා ක්‍රියාකාරකම් පිළිබඳ කළ විමර්ශනයේදී අනාවරණය වුවේ සෑම වසරකදීම මෙරට තුළ දරුවන් 22000 කට වැඩි ප්‍රමාණයක් පාසල් හැරයන බවයි. 2021 වසර වනවිට කොවිඩ් තත්ත්වය හමුවේ මේ ප්‍රමාණය ඊට වඩා වැඩිවිය හැක. ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් වලට අනුව අධ්‍යාපනය ලැබීම ළමයින්ගේ අයිතියකි.

පාසල් යා යුතු වයසේ පසුවන දරුවන්ගේ අධ්‍යාපනය අතරමඟ අඩාල වීම පිළිබඳ අදහස් දක්වන ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න මහත්මිය විශේෂයෙන් අවධාරණය කරන කරුණු කීපයකි.

මව විදේශ ගතවීම තුළ දරුවන් අනාථ වීම, දරුවන්ගේ අධ්‍යාපනය ගැන මාපියන් තුළ තිබෙන නොදැනුවත්භාවය, දරුවන් පාසල් නිමාවී කුඩා රැකියාවන් සිදු කිරීම හරහා මුදල් උපයා ගැනීමට පෙළඹීම ආදිය ද පාසල් අධ්‍යාපනය අතරමඟ නිමා කිරීමට හේතුවන කරුණු වේ.

මේ නිසාම දෙමාපියන්ට සවියක් වෙමින් ධීවර කර්මාන්තය වැනි අවධානම්කාරී කටයුතු වල පවා අද වනවිට දරුවන් නියැලී සිටින බවත් මෙවැනි කටයුතු තුළ පාසල් අධ්‍යාපනය අතරමඟ අඩාල වන බවත් ඇය පෙන්වා දෙයි. දරුවන් මෙලෙස අවධානම්කාරී කටයුතු වල නිරතවීමට පෙළඹෙන්නේ පවුල තුළ පවතින දැඩි ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බව ඇය අවධාරණය කරයි.

‘ඇට්ලස් සිප්සවි’ව්‍යාපෘතියේ ප්‍රමුඛතම අරමුණ වී තිබෙන්නේ අධ්‍යාපනය නතර නොකර ලොවම දිනන දරුවන්ට සවිබලයක් වීමටයි. මෙරට සුවහසක් දරුවන්ගේ නැණස පාදන ඇට්ලස් වෙතින් දිගුකෙරෙන මේ සහෝදරත්වයේ දෑත් සුවහසක් දරුවන්ට නිබඳ ශක්තියක් වනු ඇති බව නිසැකය.

වසරකට දරුවන් 22,000 කට වැඩි පිරිසක් පාසල් ගමන අතරමග නතර කරනවා එය වෙනස් කරන්න ඔබටත් පුළුවන්! 2021 දෙසැම්බර් 31 වෙනිදා කල් ඉකුත් වීමට පෙර ඔබේ star points පරිත්‍යාග කරන්න.

එලැඹෙන වසර සඳහා වුන්ට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය ලබා දෙන්න ඇට්ලස් සිප්සවි හා ඔබත් එක් වෙන්න. #141*6*7#අමතා මෙවැනි දරුවන්ගේ හෙට දවස ජයගන්න ඔබේ දායකත්වයත් ලබා දෙන්න.