Tuesday, May 7, 2024

General line - 0115112241

වෛද්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අද පස්වරුවේ තාවකාලිකව අත්හිටවනු ලැබුවා. 

ඒ, එම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි. ඉකුත් අගහරුවාදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කළේ වෛද්‍ය පත්වීම්වලට දේශපාලන මැදිහත්වීම් සිදුකරන බව පවසමින්. 

එම වර්ජනය හේතුවෙන් අද දිනයේදී ද රෝහල් වෙත පැමිණි රෝගීන් බොහෝ දෙනෙකු පීඩාවට පත්වුණා.

 සිය ඉල්ලීම්වලට බලධාරීන් විසඳුම් ලබාදීමට පියවර නොගතහොත් ජනවාරි 03 වනදා යළිත් මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ. 

මේ අතර කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් වෛද්‍ය පත්වීම් නිසි ක්‍රමවේදයකට ලබාදී ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.