Tuesday, May 7, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයින්ට රුපියල් 4,000 ක අත්තිකාරම් මුදලක්




රාජ්‍ය සේවකයින්ට 2022 වර්ෂය සඳහා රුපියල් 4,000 ක විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. 

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි විශේෂ චක්‍රලේකයක් නිකුත් කරමින් අදාළ ප්‍රධානීන්ට ඒ බව දැනුම් දී ඇති බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 

එම අත්තිකාරම් මුදල ගෙවීම ජනවාරි 01 වනදා ආරම්භ කර පෙබරවාරි 28 වනදා අවසන් කළ යුතුයි. 

පෙබරවාරි 28 වනදායින් පසු මෙම අත්තිකාරම් මුදල ගෙවීම නොකළ යුතු බවයි අදාළ චක්‍රලේකයේ දැක්වෙන්නේ. මෙම අත්තිකාරම් මුදල 2022 වර්ෂය තුලදී අයකර අවසන් කළ යුතුයි. 

මහා භාණ්ඩාගාරයේ එකගතාව මත මෙම චක්‍රලේකය නිකුත් කළ බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ.