Sunday, May 12, 2024

General line - 0115112241

දෑස් නොපෙනෙන වන අලියෙකු වගා ලිදකට වැටෙයි 




දෑස් නොපෙනෙන වන අලියෙකු දඹුල්ල තෙලදින්නන් වැව ප්‍රදේශයේ වගා ලිදකට ඇද වැටී තිබෙනවා.  

වසර කිහිපයක සිට තෙලදින්නන් වැව ප්‍රදේශයේ සැරි සරන මෙම වන අලියා ඊයේ රාත්‍රීයේ පුද්ගලික ඉඩමක පිහිටි වගා ලිදකට ඇද වැටී ඇති බවයි ප්‍රදේශ වාසීන් පවසන්නේ. 

දෑස් නොපෙනෙන එම වන අලියා වගා ලිදෙන් ගොඩ ඒම සඳහා දැඩි උත්සාහයක නිරිත වන බවත් හොඩවැල ඔසවා උදව් ඉල්ලන ආකාරයත් දැක ගැනීමට හැකි වූ බව අද පෙරවරුවේ එම ස්ථානයට ගිය නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවා. 

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ගල්කිරියාගම වනජීවි නිලධාරී කාර්යාලය වෙත දැනුම් දී අතර එම වන අලියා ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බවයි වනජීවි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.