Saturday, May 11, 2024

General line - 0115112241

හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි  




හිටපු අමාත්‍යවරයෙකු වූ ගුණරත්න වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මිය යන විට ඒ මහතා 74වන වියේ පසුවුණා. 

ගුණරත්න වීරකෝන් මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කර අති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. 

කරන්දෙනිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ගුණරත්න විරකෝන් මහතා 1994 වසරේදී දකුණු පළාත් සභාවට තේරීපත්වුණා. 

ඒ මහතා පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ 2004 වසරේදීයි. ඒ මහතා ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය ධූරය ඇතුලු අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර කිහිපයක් හොබවා තිබෙනවා.