Saturday, May 11, 2024

General line - 0115112241

අන් අය පහතට හෙළමින් අරමුණු කරා ලගාවීම කිසිදු ආගමික ශාස්තෘවරයෙකු අනුමත නොකරන බව අගරදගුරු හිමිපානන් කියයි 




උදාවූ අසිරිමත් නත්තල ශ්‍රී ලංකාවාසී කිතුණු ජනතාව මහත් බැතියෙන් සමරනු ලබනවා. 

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කිතුණු ජනතාව මෙවරත් නත්තල සමරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. 

මෙවර නත්තල් උදාවේ ප්‍රධාන දේව මෙහෙය රාගම තේ වත්ත බැසිලිකා දෙව්මැදුරේදී පැවැත්වුණේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන්. 

එහිදී අදහස් දැක්වූ අගරදගුරු කියා සිටියේ අන් අය පහතට හෙළමින් අරමුණු කරා ලගාවීම කිසිදු ආගමික ශාස්තෘවරයෙකු අනුමත කර නොමැති  බවයි.