Saturday, May 11, 2024

General line - 0115112241

නත්තල නිවාඩුව නිසා සංචාරක ස්ථාන පිරී යයි




උදා වූ නත්තල දිවයින පුරා බොහෝ කිතුණුවන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙවර නත්තල සමරණ බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. 

නත්තල් නිවාඩුව හේතුවෙන් සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශවලටද විශාල වශයෙන් සංචාරකයින් පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පුත්තලම දිස්ත්‍රික්කයේ නත්තල් සැමරුම් පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු ජුඩ් සමන්තගෙන්.

කළුතර දිස්ත්‍රීික්කයේ කිතුණු ජනතාවද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව නත්තල් උදාව සමරණ බව නෙත් නිවුස් වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරි පැවසුවා. 

ගාල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්ගෙන්.

මාතලේ රිවස්ටන් පිටවලපතන ඇතුලු සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ප්‍රදේශවලට අද දිනයේ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු මහේෂ් කීර්තිරතන පැවසුවේ. 

කතරගම පුද බිමද අද බැතිමතුන්ගෙන් පිරී ගොස් ඇති බව නෙත් නිවුස් වාර්තාකරු කේ ඒ නන්දසේන පැවසුවා.