Sunday, May 12, 2024

General line - 0115112241

නත්තල උදාවන රාත්‍රීයේ මාර්ග අනතුරු වැඩි වෙයි




පසුගිය පැය 24තුළ සිදුවූ හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලියින් 175ස් දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

එය පෙර වසරේ නත්තල් දිනයේ සිදු වූ අනතුරුවලට සාපේක්ෂව සියයට 22ක වර්ධනයක් බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ. 

මාර්ග අනතුරුවලට ලක්වූ 31 දෙනෙකු සහ නිවසේ සිදු වූ අනතුරු හේතුවෙන් 26 දෙනෙකු පසුගිය පැය 24තුළ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

ඒ අනුව පෙර වසරවලට සාපේක්ෂව මාර්ග අනතුරුවල වර්ධනයක් පෙන්නුම් කරන බවයි කොළඹ ජාතික  රෝහල පැවුසුවේ. 

කෙසේවෙතත් පසුගිය වසරේ නත්තල් දිනයෙදී මෙන්ම මෙවරත් ගිනි කෙළි අනතුරු හේතුවෙන්  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත්තේ එක් පුද්ගලයෙකු පමණයි.