Saturday, May 11, 2024

General line - 0115112241

අතවර පැමිණිල්ලකට ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට 




ගන්දර පොලිසියේ ස්ථානාධිපතිවරයා මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්‍යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා යටතේයි. 

ඊයේ උදෑසන ගන්දර පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියක ස්ථානාධිපතිවරයා විසින් අතවර කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

සැකකාර පොලිස් නිලධාරීයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.