Tuesday, May 14, 2024

General line - 0115112241

ගේට්ටුවක් ඇඟ මතට වැටී අවුරුදු 03 ක දැරියක් මරුට




මදුරාගොඩ පොලිස් වසමේ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ නිවසක ගේට්ටුවක් ඇඟ මතට කඩා වැටීමෙන් වයස අවුරුදු 03 ක දැරියක් මිය ගොස් තිබෙනවා. 

තවත් දරුවෙකු සමඟ ගේට්ටුව අසල සෙල්ලම් කරමින් සිටියදී එම අනතුරට මුහුණ දී ඇති දැරිය පළමුව ඇතුලත් කෙරුණේ රිදීගම රෝහලටයි. 

වැඩිදුර ප්‍රතිකාර සඳහා එම දැරිය කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ඇය මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.