Monday, May 20, 2024

General line - 0115112241

ගෑස් හිගයෙන් ටයිල්, බිස්කට් නිෂ්පාදන ඇතුළු කර්මාන්ත රැසකට බලපැම්




රට තුළ පවතින ගෑස් හිඟය හේතුවෙන් කර්මාන්ත රැසකට ද මේ වන විට බලපෑම් එල්ලවී තිබෙනවා. ඒ අනුව ටයිල් සහ පෝසිලේන් නිෂ්පාදන මෙන්ම මහා පරිමාණ බිස්කට් කර්මාන්තශාලා, මුරුක්කු හා බයිට් වර්ග මෙන්ම රස කැවිලි නිෂ්පාදනය, දේශීය බතික් කර්මාන්තය, ලොන්ඩි්‍ර කර්මාන්තය මේ අතරින් විශේෂයි. 

මේ අතර පදික මාරු සඳහා යොදාගන්නා සුදු ඉරි මෙන්ම මාර්ගය දෙපස සලකුණු කර ඇති ඉරි ඇතුලු මාර්ග සලකුණු ලකුණු කිරීමට ද ගෑස් හිඟය හේතුවෙන් බලපෑම් එල්ලවී තිබෙනවා. 

ගෑස් හිඟය හේතුවෙන් මෙරට ධීවර කර්මාන්තයට ද එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්. සාමාන්‍යයෙන් ටෝලර් බෝට්ටු දින ගණනාවක් තිස්සේ ගැඹුරු මුහුදේ රැදී සිටිමින් මසුන් රැගෙන ගොඩ බිමට පැමිණෙනවා. එලෙස මුහුදේ රැදී සිටින කාල සීමාවේ ධීවරයින් සිය ආහාර පාන සකසා ගැනීම සිදු කරන්නේ ගෑස් භාවිත කරමින්. මහා පරිමාණ හෝටල්වලට ද පවතින ගෑස් හිඟය හේතුවෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ඉදිරියේදී ගෑස් සැපයීම තවදුරටත් පහළ ගියහොත් මෙම සියලු කර්මාන්තයන් අඩපණවීමට වැඩි ඉඩකඩක් පවතින බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණේ. පවතින ගෑස් හිඟය හේතුවෙන් මේ වන විටත් කුඩා ප්‍රමාණයේ හෝටල් මෙන්ම රාත්‍රී ආපනශාලා ද වැඩි ප්‍රමාණයක් වසා දමා තිබෙනවා.