Monday, May 20, 2024

General line - 0115112241

අද සිට ලංගම බස් හා දුම්රිය ධාවනය වැඩි කෙරේ




රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරිය සඳහා වාර්තා කිරීම මෙන්ම නැවත පාසැල් විවෘත කිරීම හේතුවෙන් අද සිට ධාවනය කෙරෙන ලංගම බස් රථ සහ කාර්යාල දුම්රිය ප්‍රමාණය ඉහළ දමා තිබෙනවා. ලංකා ගමන ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ බස් රථ 5,000 කට අධික සංඛ්‍යාවක් දෛනිකව ධාවනයට එක්කරන බවයි.

බස් රථවල ගමන් කරන මගීන්ගේ වැඩිවීම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී තවත් බස් රථ ධාවනයට එක්කරන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසුවේ.

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසන්නේ පවතින තත්ත්වයන් හමුවේ තවදුරටත් සිය උපරිම ධාරිතාවයෙන් බස් රථ ධාවනයට එක්කිරීමට ගැටලු රැසක් පවතින බවයි. මේ, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

මේ අතර අද සිට අමතර කාර්යාල දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.