Monday, May 20, 2024

General line - 0115112241

සෞඛ්‍ය උපදෙස් කඩ කළ තවත් 1,901 දෙනෙකුට පොලීසියෙන් අවවාද




සෞඛ්‍ය උපදෙස් කඩකළ තවත් පුද්ගලයින් 1,901 දෙනෙකුට පොලීසිය විසින් අවවාද කර තිබෙනවා. ඒ, බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම පරීක්ෂා කිරීමේ මෙහෙයුමේදී. 

එහිදී පුද්ගලයින් 9,793 දෙනෙකු ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. යතුරුපැදි 4,121 ක් සහ ත්‍රීරෝද රථ 3,276 ක් එම මෙහෙයුමේදී පරීක්ෂා කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. ඒ, සඳහා යොදවා සිටි පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 10,199 ක්.