Monday, May 20, 2024

General line - 0115112241

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනියි

රංජිත් රාජපක්ෂ - හැටන් 




අනියම් බිරිද සමග ශ්‍රීපාද වන්දනාවේ පැමිණි දෙදරු පියෙකු නල්ලතන්නිය පෞද්ගලික රථගාලකදි අද (03) දින අලුයම 3.30 ට පමණ සිරුරට භුමිතෙල්  හලාගෙන ඔහු විසින්ම සිරුරට ගිනි තබාගෙන ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසනවා.

කඩවත ප්‍රදේශයේ සිට ඊයේ දිනයේදී  36 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් සමග බස් රථයකින් තුවාලකරු ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ඇති අතර එම පිරිස ශ්‍රීපාදය කරුණා කරමින් සිටින අතුරතුර අනියම් බිරිද සමග ඇති කරගත්තේ යැයි කියන අරවුලකට උරණ වු දෙදරු පියා ශ්‍රීපාදස්ථානය කරුණා නොකර ආපසු නල්ලතන්නිය වෙත පැමිණ බස් රථයේ ආහාර පිසිම සදහා රැගෙන පැමිණි භුමිතෙල් ගැලුම සිය සිරුරේ හලාගෙන ගිනිතබාගෙන ඇත.

සිරුරට අවිලුණු ගින්න නිවි යාමෙන් අනතුරුව දෙදරු පියා විසින් තමන් ගිනි තබාගත් බවත්, තමන්ව රෝහල් ගත කරන ලෙස බස් රථයේ රියදුරාගෙන් කල ඉල්ලිමක් මත බස් රථයේ රියදුරා නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් සමග එක් ව තුවාලකරු මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇත.

සිරුරට ගිනි තබාගැනිම සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.