Monday, May 20, 2024

General line - 0115112241

නව පනත සකස් කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි - අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන




නව පනත සකස් කිරීමෙන් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙම වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පස්වරු 05 ට පැවැත්වෙන එම රැස්වීමට සහභාගී වන ලෙසට සියලු අමාත්‍යවරුන් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.