Wednesday, May 15, 2024

General line - 0115112241

ඩිජිටල් එන්නත් කාඩ්පත තවත් කල් යන ලකුණු 




ඩිජිටල් එන්නත් කාඩ්පත ලබාදීම ආරම්භ කිරීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ. තාක්ෂණික ගැටළු හේතුවෙන් මෙම වැඩ පිළිවෙල අපේක්ෂිත කාලය ඉක්මවා යනු ඇති බවයි.

වඩා වැදගත් වන්නේ එන්නත නිසි පරිදි ලබාගැනීම බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර එන්නත්කරණයෙන් පසු ඒ පිළිබද වන ඩිජිටල් කාඩ්පත ලබාගැනීමේදී ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් සාර්ථක පිළිතුරක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ. 

නෙත් නිවුස් දිගින් දිගටම අනාවරණ කළේ එන්නත් මාත්‍රා දෙකක් ලබාගැනීමෙන් පසු කිසියම් පුද්ගලයෙකු ඩිජිටල් කාඩ්පත ලබාගෙන ඇත්නම් ඔහුට හෝ ඇයට බූස්ටර් මාත්‍රාව ලබාගැනීමෙන් පසු ඒ පිළිබද ඩිජිටල් කාඩ්පතේ යාවත්කාලීන කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. 

ඉදිරියේදි තවත් මාත්‍රාවක් ලබාදුනහොත් හෝ කිසියම් රටක් බූස්ටර් මාත්‍රාවද අනිවාර්ය කළහොත් ඒ පිළිබඳ ඩිජිටල් කාඩ්පතේ යාවත්කාලීන කිරීමේදී ජනතාව දුෂ්කරතාවලට මුහුණදිය හැකි බවටයි නෙත් නිවුස් පෙන්වා දුන්නේ.