Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්දියාව සමඟ ත්‍රීකුණාමල තෙල් ටැංකි බෙදා ගැනීමේ ගිවිසුමට කැබිනට් අනුමැතිය




ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට “ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්” පෞද්ගලික සමාගම නමින් ස්ථාපිත කරන සමාගම මඟින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා. 

ඒ යටතේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් ටැංකි 24 ක් වෙන් කෙරෙනු ඇති. ලංකා ෂධක්‍ සමාගමට වසර 50 කට තෙල් ටැංකි 14 ක් වෙන් කිරීමට නියමිතයි. 

ඉතිරි තෙල් ටැංකි 61 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සියයට 51 ක් සහ ලංකා ෂධක්‍ සමාගමට සියයට 49 ක කොටස් අයිතිය හිමිවන පරිදි අදාළ සමාගම හරහා කටයුතු කරනු ඇති.