Tuesday, May 21, 2024

General line - 0115112241

තනතුරෙන් නෙරපූ සුසිල් ත්‍රීරෝද රියෙන් ගෙදර යයි




තමාව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට බලපෑ හේතුව තවමත් නොදන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඒ, රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

මෙම මාධ්‍ය හමුවට සහභාගීවීමට පෙර සිය කාර්යාලයෙන් පිටතට පැමිණෙමින් සිටි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලටද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් අද පිළිතුරු ලබාදුන්නා.

මේ අතර සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම දේශපාලඥයින් අද විවිධ අදහස් පළ කළා. මේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු.

අමාත්‍ය නාමල් රාජපක්ෂ ද ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් සුසිල් ප්‍රේමජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් ප්‍රශ්ණ කළා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සිය අමාත්‍යංශයෙන් පිටවී නිවස බලා ගියේ ත්‍රීරෝද රථයකින්.