Monday, May 20, 2024

General line - 0115112241

බදු අඩු කළත් අත්‍යවශ්‍ය බඩු මිල අඩුවීම කල් යන ලකුණු




අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවා ඇති බදු අඩු කිරීමට රජය තීරණය කළද එමඟින් භාණ්ඩ මිල අඩුවීමේ වාසිය ජනතාවට ක්ෂණිකව නොලැබෙනු ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ පැවසුවේ ආනයනික සියලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ද්‍රව්‍ය සම්පූර්ණයෙන් බදුවලින් නිදහස් කරන බවයි. 

මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන එම අදහස් පළ කළා.

මෙලෙස ජනතාවට සහන පැකේජයක් ලබාදීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් උදය ගම්මන්පිල හා රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්ණ කළා.

මේ අතර ඒකක 30 ට වැඩියෙන් ජල පරිභෝජනය කරන පුද්ගලයින් සඳහා ජල ගාස්තු ඉහළ දැමීමක් කෙරෙහි අවධානය යොමුව ඇති බව විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

මේ අතර ගෑස් නොමැතිව අදත් බොහෝ පිරිසක් ගෑස් පෝළිම්වල රැඳී සිටිනු දැකගත හැකි වුණා.