Monday, May 20, 2024

General line - 0115112241

ඉකුත් වසරේ මෙරටට වැඩියෙන්ම සංචාරකයින් පැමිණි රට ගැන හෙළිවෙයි




2021 වසරේදී මෙරටට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවට වාර්තා වනවා. සංචාරක දත්ත වාර්තාවලට අනුව එම සංඛ්‍යාව සියයට 32.1 ක්. එම සංඛ්‍යාව රුසියාව සහ බ්‍රිතාන්‍යය සංචාරකයින් පවා අභිබවා යාමක් වනවා.

බ්‍රිතාන්‍යයෙන් සියයට 8 යි දශම 5 ක්ද රුසියාවෙන් සියයට 7 යි දශම 9 ක්ද, ජර්මනියෙන් සියයට 6 ක්ද, අමෙරිකාවෙන් සියයට 5 යි දශම 6 ක්ද වශයෙන් සංචාරකයින් පැමිණ ඇති බවයි සංචාරක දත්ත මඟින් දැක්වෙන්නේ. 

මේ අතර මේ වසරේදී ලොව සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 22 ක අතරට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ද ඇතුලත් කර තිබෙනවා. සුප්‍රකට CNN  Travel  වෙබ් අඩවිය හරහා දක්වා ඇත්තේ කොළඹ නගරයේ ඇති සුවිශේෂිතා හේතුවෙන් ලොව සංචාරය කිරීමට සුදුසුම ස්ථාන 22ක අතරට කොළඹ නගරය ඇතුලත් කළ බවයි.