Tuesday, May 14, 2024

General line - 0115112241

බස් ගාස්තු අද සිට වැඩිවෙයි - මාරු කාසි පමණක් දෙන්නැයි ඉල්ලීමක්




නව බස් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි. වැඩිවන ගාස්තු පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මේවනවිටත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්. ඒ අනුව මෙවර බස් ගාස්තු වැඩි වන්නේ සියයට 17.44 කින්. 

මෙවර ගාස්තු සංශෝධනයේදී රුපියල් 3 සිට රුපියල් 194 දක්වා ඛාණ්ඩ 350 ක් යටතේ බස් ගාස්තු වැඩිවීම සිදු වනවා. රුපියල් 14ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ යන්නේ රුපියල් 03කින්. රුපියල් 1,109 ක් වූ වැඩිම බස් ගාස්තුව 1,303ක් දක්වා රුපියල් 194කින් වැඩි වීමට නියමිතයි. 

නව ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

බස් ගාස්තු වැඩිවීමත් සමඟ ධාවනය වන බස්රථ සංඛ්‍යාව වැඩිවන බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිතකුමාර පැවසුවේ.

නව ගාස්තු සංශෝධනය යටතේ අන්තර් පළාත් බස් සේවා ගාස්තු මෙන්ම අධිවේගි මාර්ග ගාස්තු ද ඉහළ යනවා.