Tuesday, May 14, 2024

General line - 0115112241

සහන පැකේජයෙන් මෙරට ආර්ථිකයට තවත් බලපෑම්




රජය ලබාදුන් සහන පැකේජය හරහා මෙරට ආර්ථිකයට තවදුරටත් බලපෑම් එල්ල වන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ සඳහා වියදම් දැරීම තුළින් ආනයනික භාණ්ඩ සඳහා විශාල ඉල්ලුමක් ඇතිවන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.   

මේ අතර ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනින් ද සාකච්ඡාවට ලක් කෙරුණේ සහන පැකේජය සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වයයි. මෙවැනි තාවකාලික සහන පැකේජ ලබාදීමෙන් ශ්‍රී ලංකාව තවතවත් ණය අර්බුදයකට ඇදදමන බවයි මෙම වැඩසටහන එක්වූ වෙරිටෙ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්‍ෂ ආර්ථික විද්‍යාඥ සුභාෂිණී අබේසිංහ සඳහන් කළේ. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ කොමාසාරිස් ධර්මදාස රංගල්ල ද මෙම වැඩසටහන එක්වුණා.