Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අනිද්දා




සිම්බාබ්වේ තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතයේ අවසන් ශාරිරික යෝග්‍යතා පරීක්ෂණය අනිද්දා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මීට පෙර ක්‍රීඩකයින් සදහා කිලෝමීටර් 2ක දුරක් දිවීමට විනාඩි 8 යි තත්පර 35 ක කාලයක් ලබා දී තිබුණා. එය තත්පර 25කින් අඩු කර ඇති අතර ඒ අනුව සියලු ක්‍රීඩකයින් විනාඩි 8 යි තත්පර 10කින් මෙවර එම අභියෝගය ජය ගත යුතුයි. 

සිම්බාබ්වේ තරගාවලිය සදහා ක්‍රීඩකයින් 29 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම්කර ඇතැයි වාර්තා වනවා. එම සංචිතයට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කර නොමැති බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ පිල අතර එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිත අතර පළමු එක්දින තරගය ජනවාරි 16 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.