Tuesday, May 14, 2024

General line - 0115112241

සහන පැකේජයෙන් සාමාන්‍ය ජනතාව හැලීම ගැන ආර්ථික විශේෂඥයින්ගේ අප්‍රසාදය




රජය ලබාදුන් විශේෂ සහන පැකේජය රාජ්‍ය සේවකයින් පමණක් ඉලක්ක කර ලබාදී ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. 

පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට කිසිඳු සහනයක් ලබාදීමට රජය කටයුතු කර නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ. 

මෙම සහන පැකේජය හරහා පවතින ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

මෙම සහන පැකේජය ලබාදීමෙන් ජනතාව මත පැටවෙන බදු බර තවත් වැඩිවන බවයි වෙරිටෙ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්‍ෂ ආර්ථික විද්‍යාඥ සුභාෂිණී අබේසිංහ පවසනවා. ඇය ඒ බව සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

නිසි බදු ප්‍රතිපත්තියක් නොමැතිවීම ද රට මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ පෑමට එක් හේතුවක් බවයි මෙම වැඩසටහන එක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ කොමාසාරිස් ධර්මදාස රංගල්ල පැවසුවේ.