Tuesday, May 7, 2024

General line - 0115112241

ඉන්ධන මිලට එරෙහි විරෝධතා හමුවේ කසකස්තානයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වෙයි




ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහි ජනතා විරෝධතා හමුවේ කසකස්ථානයේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වී තිබෙනවා. 

කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් විසින් එම ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්ධන මිලට එරෙහි ජනතා විරෝධතා හේතුවෙන් කසකස්ථානයේ ඇල්මාටි නුවරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර තිබුණා. 

පසුගිය දින කිහිපය පුරා පැවති උද්ඝෝෂණ හේතුවෙන් පොලිස් නිලධාරීන් සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වෙන්නේ.