Sunday, May 19, 2024

General line - 0115112241

අවුරුදු 12 ත් 15 ත් ළමුන් එන්නත්කරණය අද සිට




වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සදහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අද සිට ආරම්භ වනවා. මීට පෙර වයස අවුරුදු 15 ත් 19 ත් අතර ළමුන් සදහා වන එන්නත්කරණය සහ වයස අවුරුදු 12 ත් 15 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් සදහා එන්නත් ලබාදීම සිදු කෙරුණා. 

අද සිට වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සදහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කරුණු දැක්වූයේ මෙලෙසයි.

මේ අතර බූස්ටර් එන්නත ලබාදීම ඉදිරි සති කිහිපය තුළ වේගවත් කිරීම සදහා සියලුම පළාත් පාලන ආයතන එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත් ලබාදීම තවත් කඩිනම් කරන ලෙසත් සෑම කොට්ඨාශයකටම මධ්‍යස්ථාන කිහිපයක් එක් කරන ලෙසටත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. 

ශ්‍රී ලංකා විද්්‍යුත් විකාශකයින්ගේ සංසදය සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියාසිටියා. මේ වනවිට ඉලක්කර ගත ජනගහණයෙන් සියයට 28 කට බූස්ටර් එන්නත ලබාදී තිබෙනවා. එම අගය මෙම මස අවසන් වනවිට ඉහළ ප්‍රතිශතයකට ගෙනඒම සිය අරමුණ වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.