Sunday, May 12, 2024

General line - 0115112241

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහළට




ඉන්දියාවේ ප්‍රධාන නගරවලින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සීග්‍ර වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඉකුත් දෙසැම්බර් 27 වනදා වන විට 6,780 ක් වූ දෛනික ආසාදිතයින් ඊයේ වනවිට 40,450 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරින් මුම්බායි ඇතුළු ප්‍රධාන නගරවල කොවිඩ් ව්‍යාප්තිය වැඩිවී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්. 

පවතින තත්ත්වය හමුවේ බලධාරීන් පවසා ඇත්තේ ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ප්‍රධාන නගර ආශ්‍රිතව ජනතාව ඒකරාශීවීම වහා නතර කළ යුතු බවයි. 

මේ අතර ඉතාලියේ සිට ඉන්දියාවට පැමිණි ගුවන් යානයක සිටි මගීන් 160 දෙනෙකු අතරින් මගීන් 125 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරුවීමේ පුවතක්ද වාර්තා වනවා. ඒ, ගුවන් යානයේ සිට පැමිණි මගීන් කොවිඩ් පරීක්‍ෂණවලට ලක්කිරීමෙන් පසුවයි.