Sunday, May 12, 2024

General line - 0115112241

රුසියානු හමුදා කණ්ඩායමක් කසකස්තානයට ඇතුළු වෙයි 




2,500 කට අධික රුසියානු හමුදා කණ්ඩායමක් කසකස්තානයට ඇතුළු වී තිබෙනවා. 

ඒ, කසකස්තාන ජනාධිපති කසිම් ජොමාර්ට් ටොකායෙව්ගේ ඉල්ලීමක් පරිදියි.

ඉන්ධන මිල වැඩි  කිරීමට එරෙහිව එරට රජයට එරෙහිව ජනතාව මේ වනවිට උද්ඝෝෂණවල නිරත වනවා. 

උද්ඝෝෂණ පාලනයට හමුදාව යෙදවීමට කසකස්තාන ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමගයි දෙපාර්ශවය අතර ගැටුම් ඇති වුණේ. 

විදෙස් මාධ්‍ය පැවසුවේ මේ වනවිට හමුදා භටයින් 18ක් සහ උද්ඝෝෂකයින් 12 දෙනෙක් මියගොස් ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇති උද්ඝෝෂකයින් සංඛ්‍යාව 3,000කට ආසන්නයි. 

ඉන්ධන මිලට එරෙහි විරෝධතා සමග කසකස්ථාන අමාත්‍ය මණ්ඩලයද ඉකුත්දා ඉල්ලා අස් වුණා.