Saturday, May 11, 2024

General line - 0115112241

අධික හිමපතනය මිනිස් ජිවිත 22ක් බිළිගනියි (PHOTOS/VIDEO)




පාකිස්ථානයේ, කඳුකර නගරයක් වන Murree ප්‍රදේශයට පතිත වූ අධික හිම පතනය හේතුවෙන් පුද්ගලයින් 22 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ Murree ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණි පිරිස් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

සංචාරක ආකර්ෂණය නිතැතින්ම දිනා ගෙන සිටින Murree ප්‍රදේශයේ සංචාරය සඳහා වාහන දහසක් පමණ ඉකුත් සිකුරාදා පැමිණ තිබු බවයි වාර්තා වන්නේ. 

එම ප්‍රදේශයේ සංචාරය සඳහා ගොස් ආපසු එන අතරමගදී වාහන දහස් ගණනක් අධික හිමපතනයට හසුවීමෙන් සිරවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ හේතුවෙන් අධික හිමපතනයට ගොදුරු වූ සංචාරකයින් 22 දෙනෙකු මේ වන විට අධික ශීත කාලගුණය හේතුවෙන් මිය ගොස් ඇති අතර ඒ අතර ළමුන් 10 දෙනෙකු සිටින බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටියේ.

බොහෝ වාහන සම්පූර්ණයෙන්ම හිම වලින් වැසි තිබු අතර සිරව සිටි පුද්ගලයින් ගලවා ගැනීම සඳහා පාකිස්ථාන හමුදාව යොදවා තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.