Sunday, May 12, 2024

General line - 0115112241

ෆර්නාස් දිය ඇල්ලේ ඛේදවාචකය (VIDEO / PHOTOS)




බ්‍රසීලයේ පිහිටි සුප්‍රකට ෆර්නාස් දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් රැගත් මෝටර් බෝට්ටු දෙකක් මතට ඊට ඉහළින් තිබු පාෂාණ තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටි සංචාරක ආකර්ෂණයක් සහිත Capitolio හි පිහිටි දිය ඇල්ලක් නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් මෙම බිහිසුණු අත්දැකීමට මුහුණ දී තිබෙනවා.

පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙසේ කැනියොන් පාෂාණ තට්ටුවේ කොටසක් මෙලෙස ෆර්නාස් විලට කඩා වැටී තිබෙනවා.

මෙම සිදුවීම සිදුවූ අවස්ථාව විදෙස් මාධ්‍ය වල පළ කර තිබුනේ මේ අයුරින්.