Sunday, May 12, 2024

General line - 0115112241

ලොවම සංවේදී වූ ජායාරූපයේ සිටි බිලිඳා මාස 05කට පසුවූ හමුවූ අයුරු (PHOTOS / VIDEOS)




තලෙයිබාන් සංවිධානයඇෆ්ගනිස්ථානයේ පාලනය සියතට ගැනීමෙන් පසුව එරටින් අමෙරිකානු හමුදාව ඉවත් වීමේදී කාබුල් නුවර ගුවන්තොටුපොළ අසල  සිදුවූ සංවේදී සිදුවීමක් ජායාරූපයට නැගී තිබුණා.

දහස් ගණන් ජනයා ඇෆ්ගනිස්තානය හැර යාමට ඉක්මන් වෙද්දී ඒ අතරින් කුඩා බිලිඳෙකුව ඔහුගේ භාරකරුවන් විසින් ගුවන් තොටුපොළේ තාප්පය මතින් අමෙරිකානු හමුදා භටයෙකුගේ අතට භාරදෙන අයුරු දැක්වෙන ජායාරූපයක් කැමරාවේ සටහන් වී තිබුණා. ඒ ඉකුත් වසරේ අගෝස්තු මස 19 වෙනිදායි.

කෙසේ වුවත් පැවති උණුසුම්කාරී වාතාවරණය හමුවේ මෙම ළදරුවා කාබුල් ගුවන්තොටුපොළේ දී අතුරුදන් වී තිබුණා. සොහයිල් අහමඩි වූ මෙම ළදරුවා අතුරුදහන් වන විට ඔහුට යන්තම් මාස දෙකක් විය.

මෙම බිලිඳාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය ඉකුත් නොවැම්බර් මාසයේදී විශේෂ ප්‍රවෘත්තියක් පළකෙරුණු අතර එම පුවත අනුව යමින් අතුරුදහන්ව සිටි බිලිඳා සොයා ගැනීමට හැකිව තිබෙනවා.

කාබුල් ගුවන්තොටුපොළේ දී මගහැරුණු මෙම බිලිඳාව 29 හැවිරිදි කුලී රථ රියැදුරෙක් වන හමීඩ් සාෆිට හමුව තිබෙන අතර පසුව ඔහු විසින් බිලිඳාව සිය නිවසට රැගෙන ගොස් තමාගේ දරුවෙක් මෙන් ඇතිදැඩි කිරීමට පියවර ගෙන තිබුණා.

සති හතකට වැඩි කාලයක සාකච්ඡා සහ ආයාචනා වලින් පසුව, අවසානයේ තලේබාන් පොලිසිය විසින් කෙටි රඳවා තබා ගැනීමකින් පසුව, සාෆි අවසානයේ දරුවා ගේ ඥාතීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණා. 

මේ වන විටත් ඔහුගේ දෙමව්පියන් අමෙරිකාව බලා රැගෙන ගොස් තිබීම හේතුවෙන් කුඩා සොහයිල් අහමඩිව ඉදිරියේදී ඔහුගේ දෙමව්පියන් වෙත භාරදීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.