Sunday, September 22, 2024

General line - 0115112241

පෝර්ට් සිටි ගිවිසුමට ‘අලුත් අත්සනක්‘ අද




පෝර්ට් සිටි ව්‍යාපෘතියේ නව ගිවිසුමට අත්සන් තැබීම අද සිදු කෙරෙනවා. ඒ, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය හා පෝර්ට් සිටි කලම්බු ආයතනය අතරයි.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ පැවසුවේ පැරණි ගිවිසුම් අවලංගු කර නව ගිවිසුම අත්සන් කරන බවයි.

මෙමගින් රටට වාසිදායක තත්ත්වයක් ඇති වන බවද ලේකම්වරයා වැඩිදුරටත් කියාසිටියා.

කොළඹ වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය මූල්‍ය නගරය යන නමින් ඉදිරියට ක්‍රියාකිරීමටයි රජය ඉකුත් දා තීරණය කළේ.