Wednesday, May 15, 2024

General line - 0115112241

පකිස්තානය දේශපාලන පෙරළියක් අභියස?




පකිස්තානයේ ආණ්ඩු පක්ෂය වන අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් තරෙක් ඊ ඉන්සාෆ් පක්ෂය තුළ අර්බුදයක් හ⁣ටගෙන ඇතැයි වාර්තා වනවා.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ආරක්ෂක අමාත්‍ය ෆර්වේස් කතාක් අගමැති ඉම්රාන් ඛාන්ගේ නායකයත්වයට අභියෝග කිරී⁣මේ සූදානමක් ඇති බවයි ජි⁣යෝ නිවුස් සේවය වාර්තා කරන්නේ.

ඔහුට ආණ්ඩු පක්ෂයේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 80 දෙනෙකුගේ පමණ සහය හිමිවන බව ද පැවසෙනවා.

පසුගියදා පැවති පකිස්තාන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය හදුන්වාදීමේ උත්සවයට ආරක්ෂක අමාත්‍ය ෆර්වේස් කතාක් සහභාගී නොවීම මෙම අර්බුදය මතුපිටට පැමිණි අවස්ථාවක් බව එරට වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.


මේ අතර පකිස්තාන විපක්ෂයේ ප්‍රධාන පක්ෂ වන   නවාස් මුස්ලිම් ලීගය සහ ජනතා පක්ෂය වත්මන් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සාකච්ඡා කරමින් ඇතැයි ද එරට වාර්තාවල සදහන්.