Thursday, March 28, 2024

General line - 0115112241

සපුගස්කන්දට යලිත් ගැටළුවක් 




සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 27 වනදා යළි ආරම්භ කිරීමට නොහැකිවුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබාදීමට තවත් සති දෙකක පමණ කාලයක් ගත වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සදහන් කළේ විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම මත අවශ්‍ය දැවි තෙල් තොග ආනයනය කිරීමට මේ වනවිටත් ඇණවුම් කර ඇති බවයි. කෙසේවෙතත් ඇණවුම් කර ඇති එම දැවි තෙල් තොග දිවයිනට ලැබීමට නියමිතව ඇත්තේ පෙබරවාරි මස 09 වනදා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.  

දැවි තෙල් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරය ඊයේ පස්වරුවේ නතර කෙරුණා. ඒ අනුව සපුගස්කන්ද බලාගාරය නතර වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 108ක් අහිමි වී තිබෙනවා. ඒ අනුව දැවිතෙල් නොලැබුනහොත් ලබන අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ ප්‍රකාශ කළා.  

කෙසේ වෙතත් පවතින තත්වය හමුවේ අද දිනයේද විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.