Wednesday, May 15, 2024

General line - 0115112241

පාසල් සිසුන්ගෙන් සියයට 50 ඉක්මවූ පිරිසක් කොරෝනා මර්දන එන්නත ලබාගනී




වයස අවුරුදු 12 ට වැඩි ළමුන් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමේ ප්‍රතිශතය සියයට 50 සීමාව ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා. 

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ ඇතැම් පාසැල්වල කොරෝනා මර්දන එන්නත ලබාදීමේ ප්‍රතිශතය සියයට අසූවේ සීමාව ද ඉක්මවා ඇති බවයි. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

මේ අතර කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 16 සිට 19 දක්වා වූ වයස් කාණ්ඩයේ පසුවන සිසුන් සඳහා එහි දෙවන මාත්‍රාව ලබාදීම මේවනවිට ආරම්භ වී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව වැඩිදුරටත් සඳහන් කළේ.