Wednesday, May 15, 2024

General line - 0115112241

මන්ත්‍රී වෙල්ගමටත් කොරෝනා 




පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. එලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමටයි.

ජනවාරි 18 වෙනිදා සිට මේ දක්වා ගතවු දින 10ක කාලය තුලදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු හට වෛරසය ආසාදනය වී ඇති බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටියේ.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන ද PCR පරික්ෂණයකට යොමු කර ඇති අතර ඔහුගේ වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.