Wednesday, May 15, 2024

General line - 0115112241

උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදු නොකරන්නැයි අධ්‍යාපන ඇමති ඉල්ලයි




උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙස විදුලිබල මණ්ඩලය ඇතුළු අදාළ පාර්ශව වෙත දැනුම්දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. 

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

උසස් පෙළ විභාගය පෙබරවාරි මස 07 වනදා ආරම්භ වන අතර එය අවසන් වන්නේ මාර්තු 05 වනදායි. 

මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම හෙට සිට ආරම්භ කෙරෙනවා. 

ශිෂ්‍යත්ව ප්‍රතිපල මාසයයි දින 10 ක් තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ.