Friday, May 17, 2024

General line - 0115112241

නිදහස් දිනයේදී කාදිනල් හිමියන් කොළඹ අපරාධ කොට්ඨාශයට




කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා. ඒ, බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ෆ්රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තාගේ සුවදුක් විමසීම සඳහායි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිර්දෝශී පුද්ගලයින් රැඳවුම්භාරයේ තබා ගෙන සිටීමට එරෙහිව විරෝධය පළ කරමින් කාදිනල් හිමියන් අද පැවැති 74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට එක්වූයේ ද නැහැ. 

මෙම අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම දේවස්ථානයේ සේවකයෙකු ලෙස කටයුතු කළ ෆ්රැන්සිස් මුනීන්ද්‍රන් නමැත්තා මේවනවිට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවා සිටිනවා. ඔහුගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව කාදිනල් හිමිපාණන් මාධ්‍ය වෙත අදහස් පළ කිරීමකින් තොරව පිටව ගියා. 

කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණි කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් මාධ්‍ය වෙත මලෙස අදහස් පළ කළා.