Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කිරීමට සූදානම් - මෙරට IMF ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්




ශ්‍රී ලංකා රජය, මූල්‍ය සහනයක් ලබාගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානී මසාහිරෝ නොසාකි පවසනවා. කෙසේවෙතත් ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ. 

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉකුත් දා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණික සහය ලබාගැනීමට ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවයි. 

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් දෙදින ඉන්දීය නිල සංචාරයක නිරත වීමට සූදානම් වනවා. ඒ අනුව විදේශ අමාත්‍යවරයා ලබන 06 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.