Friday, May 17, 2024

General line - 0115112241

රට පුරා හෙට සෞඛ්‍ය වර්ජනයක් 




වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා මෙන්ම හෙද සේවා එක්බද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ. 

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේ රෝහල් කාර්යය මණ්ඩල සාමාජිකයින් රැසකට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.