Friday, May 17, 2024

General line - 0115112241

ඩොලර් ගසාකන විදෙස් සංචාරකයින් ගැන නෙත් අනාවරණයෙන් පසු විෂය භාර ඇමතිගේ ඇස් ඇරෙයි




ඩොලර් ඇතුලු විදෙස් මුදල් රැගෙන පැමිණෙන විදේශිකයන්ගෙන් එම මුදල් වැඩි මුදලට ලබාගෙන ඒවා මෙරට වෙළඳපොලේ හුවමාරු වීම වළක්වාලමින් සිදුකරන කූඨ ජාවාරමක් පිළිබඳ තොරතුරු නෙත් නිවුස් උදෑසන 06.25 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කෙරුණා. 

ඒ පිළිබඳ අනාවරණ කිරීමෙන් පසු සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ අවධානය මේ සම්බන්ධනේ යොමුව තිබෙනවා. විදෙස් සංචාරකයින් කණ්ඩායමක් සිදුකරන මෙම ජාවාරම පිළිබඳ නෙත් නිවුස් හරහා රට හෙළි කළේ ජාතික සංචාරක මාර්ගෝපදේශක කතිකාචාර්යවරුන්ගේ ආයතනයේ සභාපති හෂාන් ෆොන්සේකා.

එවැනි කූඨ ජාවාරම් පිළිබඳ තොරතුරු ඇත්නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම්දෙන ලෙයසි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. 

සංචාරක කර්මාන්තය ආරක්ෂා කිරීමට මෙවැනි කූඨ ක්‍රියා වැළැක්වීම සඳහා සියලුදෙනා සහය ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.