Friday, May 17, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඉල්ලීමක්




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ පිළිබඳ විමර්ශනය කිරීමට පෙර ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව සිදුකරන විමර්ශන නිසි පරිදි සිදුකළ යුතු බව ගරු සිරිල් ගාමිණී පියතුමන් පවසනවා. 

අදහසක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ අයිතිය මේවනවිට අහිමි වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමන් සමාජ මාධ්‍යයට නිකුත් කළ වීඩියෝවක් සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුද්ගලයෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණා.

 ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගරු සිරිල් ගාමිණී පියතුමන් මෙලෙස අදහස් පළ කළා. 

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම සඳහා අදාළ පාර්ශව කඩිනමින් කටයුතු කළ යුතු බවයි ගරු සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් සඳහන් කළේ.