Friday, May 17, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගයට සියල්ල සූදානම් 




අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙටින් ආරම්භ වනවා. 

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේවනවිට සූදානම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ. 

විභාග මධ්‍යස්ථාන 2437 කදී පැවැත්වෙන මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ 79, 141 ක්. මෙලෙස හෙටින් ආරම්භ වන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කල් දැමුණු ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 උසස් පෙළ විභාගයයි. 

කොරෝනා වෛරසය ආසදානය වූ සහ නිරෝධායනයට යොමුව සිටින මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන සඳහන් කළේ. 

ඉකුත් දා පැවැති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා ලබාදුන් කාලවේලාවන් පිළිබඳ විභාග මධ්‍යස්ථාන කිහිපයකින් ගැටළුකාරී තත්ත්වයන් වාර්තා වුණා. එවැනි ගැටළුකාරී තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා මෙවර විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ.  

සාධාරණ ලෙස විභාගයට පෙනී සිටිමින් ඉහළ ප්‍රතිපල ලබාගැනීම සඳහා කටයුතු කරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන, සිසුන්ගෙන් ඉල්ලීමක් කළේ.