Tuesday, May 7, 2024

General line - 0115112241

වර්ජනය හේතුවෙන් රෝහල්වල රෝගී සත්කාරක කටයුතුවලට බලපෑම්




හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති 18 ක් අද පෙරවරු 07 සිට ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල රෝගී සත්කාරක කටයුතුවලට බලපෑම් එල්ලවී තිබෙනවා. 

ඔවුන් එලෙස වර්ජනයේ නිරත වන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්. 

එම වර්ජනයෙන් රෝහල් කරා පැමිණි ජනතාව පෙරවරුවේ සිටම මහත් දුෂ්කරතාවකට පත්ව සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. එලෙස පීඩාවට පත්වූ කිහිප දෙනෙකු මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

කෙසේවෙතත් තමන් අත්‍යවශ්‍ය සහ හදිසි සේවාවන් පවත්වාගෙන යන බවයි වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තිය සමිති පවසන්නේ. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීය විද්වතුන්ගේ සංගමයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය.

වර්ජනය ක්‍රියාත්මක නොවන රෝහල් හා සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ද සෞඛ්‍ය වෘත්තීය විද්වතුන්ගේ සංගමයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් අද පැවැත්වෙන මෙම වර්ජනය සඳහා සිය සංගමයේ සාමාජිකයින් එක් නොවන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ.